බුද්ධි ගෝචර නිවැරදි මග යමින් වීර්යයෙන් යුතුව කටයුතු කරන්නේ නම් අප හැම දෙනාටම බුදුවරයෙකු වීමේ හැකියාව ඇත. අප තුළ ඇති බෝසත් චරිත ඉස්මතු කරන්නාවු ඒ මග සොයා ගත හැක්කේ බුද්ධිය වර්ධනය කරන ක්‍රියාවලියකිනි. තමා මෙන්ම තම ධර්මයද ප්‍රශ්න කිරීමේ අයිතිය හා විමසුමට භාජන කිරීමේ නිදහස අපට බුදු හිමියන් විසින් ලබා දී ඇත්තේ එසේ නොවුයේ නම් අධ්‍යාත්මය හා බැඳී ඇති කරුණු අවබෝධ කර ගැනීමට නොහැකි හෙයිනි. දුහුනන් දැනුම් වර්ධනය හා මානසික දියුණුවටද හා බුද්ධිගෝචරවු විමර්ෂණ, විශ්ලේෂණ හා විග්රහයන් අත්‍යවශ්‍ය වේ