ආනන්දය, අඬන්න එපා. සෝක වෙන්න එපා. කවදා හරි සියලුම ප්රිය මනාප වස්තුවලින් වෙන් වීමට සිදුවන බව මම මුලදීම කීවා නොවේද ? උපන්, පහළ වූ හැම දෙයක්ම කැඩෙන බිඳෙන. නැසෙන සුළුය. එසේ නොවේවා යි කිසිවෙකුටවත් වළක්වන්නට නොහැකිය. ආනන්දයෙනි, ඔබ බොහෝ කලක් දෙහිතක් නැතිව, අවංකව, එක හිතින්ම කරුණාවෙ ම මට උපස්ථාන කළෙහිය. ඔබ පෙර පිරූ බොහෝ පින් ඇත්තෙහිය. ප්රමාද නොවී වීර්ය්ය වඩන්න. ඉක්මනටම රහත් ඵලයට පැමිණෙන්න