භාවනාව යන වචනයෙහි අර්ථය කුමක්ද ? භාවනාව යනු පුහුණු කිරීමය. පුහුණු කිරීම යනු යමෙක් හෝ යමක් සංවර්ධනය කරා ගමන් කරවීමට ක්‍රියාත්මක කරනු ලබන හෝ කරවනු ලබන එක්තරා ක්‍රියා පටිපාටියකි. එසේ නැතහොත් වැඩපිළිවෙළකි. මෙහිදී භාවනාව යන්නෙන් අදහස් කරන්නේ විශේෂයෙන්ම සිත පුහුණු කිරීමය. සිත වැඩීමය. සිත සංවර්ධනය කරා ගමන් කරවීමට අවශ්‍ය පියවර ගැනීමය. එවැනි පියවරක් ගෙන සිත පුහුණු කිරීමෙන් සංවර්ධනය කරා ගමන් කරවන්නේ කෙසේද යන්න ඉතා සරලවත්, ධර්මානුකූලවත් මේ ග්‍රන්ථයෙන් විස්තර කෙරේ