භාෂාව ජාතියක අනන්‍යතාව හෙළි කෙරෙන ප්‍රබලතම සාධකය වෙයි. ලිඛිත භාෂාවේ දී හා ව්‍යාවහාර භාෂාවේ දී අප භාෂාව හසුරුවන්නේ දෙ විදියකටය. උක්තාඛ්‍යාත පද සම්බන්ධයත්, නිවැරැදි අක්ෂර වින්‍යාසයත් ලිඛිත භාෂාවේ දී පෙරමුණ ගෙන සිටියි. අප බස නසන්නන් නො විය යුතුය. බසට ජීවය දීමට නම් එය ලිඛිතව භාවිත කරන විට නිවැරැදි ව යෙදිය යුතු වේ. එසේ කළ හැක්කේ ඒ පිළිබඳව නිරවුල් දැනුමක් ඇති අයෙකුට පමණකි. උක්තාඛ්‍යාත රීතිය පිළිබඳ රීතිහු රාශියක් වෙති. ඒවා පිළිබඳව දැනුමක් ලබා දී, නිවැරැදි ව ලිවීමට මේ පොතෙන් ඔබට මඟ පෙන්වීමට මම උත්සාහ කෙළෙමි. බස පිළිබඳ ව අඳුරු අහුමුලුවල පහස ලත් අයට මේ පොතෙන් අලෝකය විහිදෙති'යි මට සිතෙයි