මින් පෙර මා විසින් ලියන ලද සංගීත භාණ්ඩ වාදන පුහුණු පොත් පෙළ කිය වූ බොහෝ දෙනා ඉතා සාර්ථක ප්රතිඵල ලබාගෙන ඇති බව නිතර නිතර මා වෙත ලැබෙන ප්රශංසනාත්මක ලිපි වලින් පැහැදිලි වේ. ස්වර ප්රස්තාර අනුව වාදනය කිරීමට පුහුණු වූ බොහෝ අය අලුත් ගීතවල ස්වර ප්රස්තාර ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බැවින් පොදුවේ සැමටම ප්රයෝජනවත් වන අයුරින් අලුත් ගීත 50 ක ස්වර ප්රස්තාර අඩංගු මෙම පොත ලිවීමට මම අදහස් කළෙමි. මෙහි ස්වර ප්රස්තාර ලිවීමේදී මා විසින් (ස, රි, ග, ම, ප, ධ, නි) සිංහල අක්ෂර යොදා ඇති අතර කෝඩ්ස් සඳහා (CDEFGAB) ඉංග්රීසි අක්ෂර යොදා ඇත. තවද සංගීත ක්ෂේත්රයේ බහුලව භාවිත කෙරෙන ඉංග්රීසි වචන එලෙසින්ම යොදා ඇත්තේ පාඨක ඔබ සැමගේ ප්රයෝජනය සඳහා බව කරුණාවෙන් සලකන්න |