නවීන විද්‍යාවේ දියුණුවත් සමගම දියුණු තාක්ෂණික ක්‍රම දිනෙන් දින අළුත් වන බව නොරහසකි. සංගීතය අතින් බැලූ කළ එක් බොත්තමක් එබු සැතින් ඕගනයකින් අපට අවශ්‍ය සංගීත භාණ්ඩයේ හඬ ලබා ගත හැකිය. නමුදු එය කෘතිම හඬක් මිස ප්‍රායෝගික නොවේ. මා මෙම කෘතියෙන් අදහස් කළේ මෙවැන්නකි. එනම් සංගීත භාණ්ඩ කිහිපයකින් හෝ අඩු තරමින් ස්වර හත වයන්නට ආධුනිකව සංගීතය හදාරන්නකු හට අතදීමකි. මගේ එම කර්තව්‍යය මල්පල ගැන්වීයැයි මම සිතමි. බටහිර සංගීත භාණ්ඩ කිහිපයක් ද, පෙරදිග සංගීත භාණ්ඩ කිහිපයක් ද, හසුරුවන ආකාරය මා මෙම කෘතියෙන් ඉදිරිපත් කර ඇත්තෙමි. මෙම කෘතිය පිළිබඳව ඔබගේ යෝජනා, චෝදනා විවේචන, ඉතා නිහතමානි ඉවසමි. මෙම කෘතිය සංගීතය පිළිබඳව කරණු කාරණා සොයන ඔබට වැඩදාය වෙිවායි මම ප්‍රාර්ථනා කරමි |