සංවාදයෙන් සුහදතාවය ඇති වේ. සමාජයේ ජීවත් වීමට මේ සුහදතාවය ඉතා වැදගත්ය. වෙනත් කෙනෙකුගේ බසින් ඔහු හා සංවාදයේ යෙදිය හැකි නම් මේ සුහදතාවය වඩාත් හොඳින් වර්ධනය වේ. ඒ අනුව සිංහල කතා කරන අය දෙමළත්, දෙමළ කථා කරන අය සිංහලත් කථා කිරීමට ඉගෙන ගනේනේ නම් අපේ රට වැනි බහුවාර්ගික සමාජයක ජීවත්වීම ඉතා ප්‍රසන්න වේ. මේ බව තේරුම් ගත් අපි පසුගිය අවුරුදු පණහක පමණ කාලයක තුළ පාසල් සිසුන්ට හා නොයෙක් තරාතිරමේ අයට දෙමළ බස ඉගැන්වීමේ නිරත වීමු. එහෙත් නිතර දෙමළ බස කථා නොකරන බොහෝ දෙනාට තමා උගත් දේ ඉක්මනින් අමතක වන නිසා සංවාද පොතක අවශ්‍යතාවය අපට දැනෙන්ට විය. එපමණක් නොව ගුරුවරයකුගේ සහායක් ලබා ගත නොහැකි, එහෙත් දෙමළ කතා කරන්න ඉගැනීමට කැමති අයට ද මෙබඳු පොතකින් මහත් ප්‍රයෝජනයක් ලැබිය හැකිය. සමාජයේ එදිනෙදා කටයුතු වලට අදාල වාග්මාලා හා වාක්‍ය රටා ඇතුළත් වන පරිදි මේ පොත සැකසීමේදී විෂය මාලා සංවර්ධන කටයුතු වලදී අප ලැබූ දැනුම් බෙහෙවින් ප්‍රයෝජනවත් විය. භාෂාව ඉගැන්වීමේ නවීන ක්‍රම හා පොත් ලිවීමේ මූල ධර්ම කෙරෙහි අවධානය යොමු කරමින් මේ පොත සකස් කළ නිසා ආධුනිකයන්ට එයින් මහත් ප්‍රයෝජනයක් ලැබේය යනු අපගේ බලාපොරොත්තුවයි. |