Product Code: EPA223
සිංහලයේ සාවද්‍ය හා නිරවද්‍ය ව්‍යවහාරය හඳුනා ගැනීම මෙකල බොහෝ දෙනෙකුට දුෂ්කර කාර්යයක් වී තිබේ. පාසල් අධ්‍යාපනය ජනමාධ්‍ය හා ශාස්ත්‍රීය ලිපිලේඛන ආදියේ භාෂා භාවිතය ගැන විමර්ශනය කිමේ දී මේ බව සනාථ වෙයි.
භාෂා භාවිතයේ දුර්වලතා කෙරෙහි හේතු දෙකක් මුල් වී ඇත. එකක් නම් අනවබෝධයයි. අනෙක නම් නොසැලකිල්ලයි. මේ නිසා වර්තමාන සිංහල ලේඛන ව්‍යවහාරය තුළ දක්නට ලැබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයකි.
ඉහත සඳහන් පසුබිම ගැන සැලකීමේ දී සිංහල භාෂාවේ නිවැරැදි ව්‍යාකාරණ ඉගෙනීම සඳහා ' 5 ශ්‍රේණිය - ශිෂ්‍යත්ව පොත ' පාසල් දරුවන් සඳහා පළකිරීමට ශ්රීලංකාතිලක බෝවල - කේ. ඩී. සී. ගුණසේකර මහතා දැරූ උත්සාහය සාකල්‍යයෙන් ම යෝග්‍ය වූවක් බව මගේ හැඟීමයි.
පළපුරුදු විදුහල්පතිවරයෙකු, රාජ්‍ය සම්මාන ලත් ප්‍රවීණ ගත් කතුවරයකු පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පෙළපොත් සංස්කාරකවරයකු වශයෙන් ද ඒ මහතා ලැබූ අත්දැකීම් හා ප්‍රායෝගික ඥානය මේ පොත ලිවීමේ දී උපයෝගී කරගත් බව සැලකිය හැකි ය.
සිංහල භාෂාවේ අක්ෂර, අක්ෂර සංවිධානය, වචන, වාක්‍ය හා ශිල්පීය දක්ෂතා පිළිබඳ නිවැරැදි දැනුම හා අවබෝධය දියුණු කිරීම සඳහා කතුවරයා මෙහි දී උත්සාහ දරා ඇත. කාලීන වශයෙන් වැදගත් මෙබඳු අගනා කෘතියක් ලියා පළකිරීම ගැන සිංහල භාෂාව හදාරන කාගේත් පශංසාව ඒ මහතාට හිමිවිය යුතු ය.