Paradise of Books

new
NEW

Agana Widuli Paripatha - Widuli Karmikayan saha Pasal Sisun Sandaha

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   W.M. Wijesingha
  • Language :   Sinhala
  • Publisher :   Udaya Book Publishers
  • ISBN :   978-955-1866-54-9

Rs.200.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

නුතන ලෝකයේ ජීවත්වන මිනිසාට විදුලිය අත්‍යවශ්‍යය. ගෘහස්ථ ජීවිතයේ විවිධ කටයුතු සඳහා මෙන්ම විවිධ රැකියාවන් සඳහාද විදුලිය යොදා ගැනීමට සිදුවේ. නමුත් විදුලිය භාවිතයේදී ඒ පිළිබඳ දැනුමක් තිබීම ඉතා ප්‍රයෝජනවත්ය. ආධුනික විදුලි කාර්මිකයින්ට මෙන්ම සාමාන්‍ය ජීවිත ගතකරන අයටද අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙම දැනුම ඉතා අවශ්‍ය වේ. අයහපත් කාලගුණය සහිත රාත්‍රී කාලයන්හි සිදුවන විදුලි පරිපථ බිඳ වැටීම් වලදී සමහර විට ක්‍ෂණිකව ක්‍රියාකාරී විය යුතු අවස්ථා එළැඹේ. එවන් අවස්ථාවලද අපට විදුලි පරිපථ පිළිබඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. සමහර විට ඇතැම් විදුලි කාර්මික ශිල්පීන් පවා විදුලි කාර්මික ක්‍ෂේත්‍රයේදී ආරක්ෂිත උපක්‍රම නොදැන සිටීම හා ඒවා පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසා ජීවිත හානි මෙන්ම විවිධ ගැටළු වලටද මුහුණ දීමට සිදුවී ඇත. එසේම අළුතින් මෙම ක්ෂේත්‍රයේ නියලෙන්නන්ටත් එම ක්‍ෂේත්‍රය වෘත්තියක් ලෙස තෝරා ගන්නා අයටත් මේ පිළිබඳව දැනුවත් වීම අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. මේ අනුව මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් බොහෝ ව්‍යසනයන් අවම කර ගැනීම මෙන්ම සුළු නඩත්තු කටයුතු තමන්ටම කරගත හැකිවීමෙන් ඒ සඳහා අතිරේක වියදමක් දැරීම අවම කරගැනීමටද හැකිය. සාමාන්‍යයෙන් මෙම ක්‍ෂේත්‍රය පිළිබඳව සිංහලෙන් ලියවුණු පොත පත විරලයි. එවන් පසුබිමක් තුළ මෙම විෂය පිළිබඳව හසල දැනුමක් ඇති එමෙන්ම ඩිප්ලෝමාධාරියෙකුද, විදුලි කාර්මික ක්‍ෂේත්‍රයේ ග්‍රන්ථ රැසක කතුවරයකුද, විද්‍යා ගුරුවරයකුද වන සම්පත් විජේසිංහ මහතා ආධුනික විදුලි කාර්මිකයින්ට පාසල් සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවද ප්‍රයෝජනවත් පරිදි රචනා කර ඇති මෙම ග්‍රන්ථය මෙම ක්‍ෂේත්‍රයේ විශිෂ්ට ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දෙමි

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet