අභිධර්මය වනාහි ගැඹුරුවූත්, සාරවත් වූත්, ධර්මයකි එය විෂයක් ලෙසින් ඉගෙන ගන්නා දහම් පාසැල් දරුවනට මුලික අවබෝධයක් ලබාදීම මගින් අභිධර්ම විෂය හැදැරීමට කැමැත්ත මෙන් ම උනන්දුවක් ඇති කළ හැකි යැයි මම සිතමි. තව ද ශ්‍රී ලංකා ජන රජය මගින් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් මුද්‍රණය කොට ඇති බුද්ධ ජයන්ති අභිධර්ම ග්රන්ථ ද තත් කෘති සඳහා වූ පාලියෙන් කරන ලද හේවාවිතාරණ මුද්‍රණය හා ඒ සඳහා සිංහලයෙන් කරන ලද අට්ඨ කථා ග්රන්ථ ද මෙම විෂය හදාරන්නවුන්ට අතිශයෝපකාරී වී ඇත. මීට අමතර ව සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් අභිධර්මය පිළිබඳ කෘති රචනා කළ වියතුන් රාශියකි. එම කෘති රචනා කළ උගතුන් වශයෙන් රේරුකානේ චන්දවිමල මහනාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි, බෝධි හිමි, මහාචාර්ය සුමනපාල ගස්මංගොඩ මහතා, මහාචාර්ය වයි. කරුණාදාස මහතා, මහාචාර්ය ඩී. ජේ. කළුපහන මහතා, මහාචාර්ය අසංග තිලකරත්න මහතා, ඇලොසියස් පීරිස් පියතුමා, රූපට් ගේටිං මහතා, ආදී වියතුන් සම්භාවනාවට පාත්‍ර වී ඇත. එකී කෘති ද අභිධර්මය ඉගෙනීමට මහත් සේ උපකාරී වෙයි