නව විෂය නිදේශය යටතේ විද්‍යාව විෂය සඳහා 9, 10, 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට චුම්බක පිළිබඳවත්, චුම්බකවල ලක්ෂණ පිළිබඳවත්, චුම්බකත්වය ආශ්රිත ක්‍රියාකාරකම් පිළිබඳවත් අධ්‍යයනය කිරීමට සිදුවී ඇත. මෙම චුම්බකත්වය නමැති පොත රචනා කිරීමෙන් මා බලාපොරොත්තු වූයේ 9, 10, 11 ශ්‍රේණිවල විද්‍යාව හදාරන සිසුන් සඳහා චුම්බක පිළිබඳවත්, ඒවායේ ලක්ෂණ පිළිබඳවත්, චුම්බකත්වය ආශ්රිත ක්‍රියාකාරකම් පිළිබඳවත් ඉතාමත් නිවැරැදි අවබෝධයක් ඉතා පහසුවෙන් ලබා දීමටය