Product Code: BFM004
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ජනමාධ්‍ය ඩිප්ලෝමාවත් දිනාගැනීමට භාග්‍යවත් වූ දර්ශනා ශම්මි විජේතිලක ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනමේ ඩිප්ලෝමාව ද සාර්ථක ව නිම කළා ය. දර්ශනා යනු වර්තමාන සමාජයේ සිටින විශිෂ්ට ලේඛිකා කුලකයට අයත් කළ හැකි චරිතයකි. දර්ශනාට සමාජය අබිමුව කියන්නට දෙයක් තිබේ. ඇය විසින් මේ වන විට පාඨක ලෝකයට දායාද කරන ලද ග්රන්ථ සංඛ්‍යාව 16කි. ඒ අතර නවකතා හයක් ද වෙයි. ඇයගේ 'ගිරග සසල විය' 2011 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට ද නිර්දේශ වූ නවකතාවකි. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට ද නිර්දේශ වූ 'මන්දාරම් උයන' ඇයගේ නවතම නවකතාව යි