අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න. මං අම්මා වගේ ගෑනියෙක් වෙලා. ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න.ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න රත්තරං අම්මේ!' |