කාල නදී ගලා බසී වූ කලී ජීවිතයේ ගලායෑම මෙන්ම ජීවිතය තුළ ප්‍රේමයේත්, වෛරයේත්, තෘෂ්ණාවේත් හස්තයන් කොතරම් දිගුවිය හැකිද යන බව සහ එම හස්තයන් මිනිස් ජීවිතවලට කරන බලපෑම පිළිබඳව කදිම ලෙස නිරූපිත නවකතාවකි. කෙටියෙන් කියතොත් මෙය ප්‍රේමය, වෛරය, තෘෂ්ණාව, ත්‍රාසය, භීතිය, කුතුහලය ආදී සියලුම හැඟීම්වලින් පරිපූර්ණ නවකතාවක් වන අතර එම සියලුම හැඟීම්වල වර්ණයන් මෙහි අන්තර්ගත ය |