Product Code: BFM054
තම පියා වන, සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක ෆෙන්ටන් හාඩිගේ ආභාසය ලබමින් ඔහුගේ අඩි පාරේ යන යෞවනයන් වන ෆ්රෑන්ක් හා ජෝ හාඩි දෙසොහොයුරන්හට අබිරහස් විසඳීම අලුත් දෙයක් නොවේ. මෙවර ඔවුනට භාරව ඇත්තේ නිධානයක් පසුපස යන හොර කල්ලියක් සොරාගෙන ඇති අබිරහස් වයිකිං අක්ෂර ගල නිදහස් කරගැනීමයි. නිධානය සොයා ගැනීමට නම් වයිකිංවරුන්ගේ අක්ෂර කියවිය යුතුය. (වයිකිංවරුන් යනු දකුණු යුරෝපීය හා දකුණු ස්කැන්ඩිනේවියානු සම්භවයක් ඇති උතුරු ස්කැන්ඩියාවේ ජීවත් වූ ස්වදේශික ජන කොටසකි. 9 වන සියවසේ සිට 11 සියවස දක්වා කාලයේදී ඔවුන් සුප්‍රකට ගවේෂකයන් ආක්‍රමණිකයන්, මුහුදු කොල්ලකරුවන් ලෙස ක්‍රියාකර ඇත.) අක්ෂර ගල එහි නීත්‍යානුකූල හිමිකරුවන් හට ලබාදීම සොර කල්ලිය නීතියේ රැහැනට හසු කර ගැනීමේ ත්‍රාසජනක මෙහෙයුම මෙමගින් කියවෙයි