අතිශයින් සඵලදායි පුද්ගලයන්ගේ සිරිත් 7' නම් කෘතිය, අප විසින් මුල් වරට පළ කරනු ලැබීමෙන් පසුව, ලෝකය බොහෝ සෙයින් වෙනස් වී ඇත. වත්මන් හි අප ජීවිතය අතිශය සංකීර්ණ ය. අතිශය ආතති ජනක ය. එය අපේ මුළු අවධානයම ඉල්ලා සිටී. අප ක්රමයෙන් කාර්මික යුගය පසු කරමින් තොරතුරු හා දැනුම සම්බන්ධ ක්රියාකාරකයන් ගේ යුගයකට පිවිස ඇත්තෙමු. දැනටමත් අප එහි ප්රතිඵල අපි භුක්ති විඳිමින් සිටිමු. අපගේ පෞද්ගලික ජීවිත තුළ ද, පවුල් තුළ ද, අප නිරතව සිටින සංවිධාන තුළ ද, අපි මුහුණපාන ගැටලු සහ අභියෝග මෙයට දශක දෙකකට පෙර අප සිහිනෙකින් පවා නොසිතු අන්දමේ බරපතළ ඒවා ය. ඒ අභියෝග හුදෙක් බරපතළ වන්නේ, ඒවායේ පරිමාව අනුව පමණක් නොවේ. ඒවායෙහි බහු විධ ස්වභාවය ද අපට අමතක කළ නොහැකි ය |