මෙම පොතෙහි ද සඳහන් වන්නේ ද මීට දශක දෙක තුනකට පෙර කොළඹ ඇතුළු තදාසන්න පෙදෙස්වල ගැවැසුණු පාතාල කෙරුමන් ගැන මා ඇසු කතාවන්ගෙන් සමහරකි. මෙම කෘතියේ දැක්වෙන බහුතරයක් පිරිස කාලයාගේ ඇවෑමෙන් මිය ගොස්ය. ඔවුන් කළ කී දෑ මතකයන් ලෙස සටහන් වූයේ ලේක් හවුස් ආයතනය මගින් සතිපතා මුද්‍රණය වූ මාංචු' පුවත්පතේ පළ වූ පාතාල ලෝකය මෙලෙස ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය, ප්‍රධාන පරිපාලන නිලධාරී රෝහණ ආර්ය රත්න මහතාත් ගෞරවයෙන් සිහිපත් කරමි. සෝදුපත් කියවීමෙන් සහය ලබා දුන් නිහාල් ගුණසේකර මහතාද මතක් කරමි