" ලක්ෂ පහකට ආසන්න ළමයි සංඛාවක් " ඕ " ලෙවල් විභාගයට ලියනවා. එයින් ලක්ෂ දෙකක් විතර ''ඒ'' ලෙවල් විභාගය ලියනවා. මේ හැම දෙනාගෙන් ම විශ්ව විද්‍යාලයට යන්නේ විසිපන්දාහක් විතරයි පුතේ. මේ හැම ළමයින්ගේ ම දෙමව්පියන් ඉස්කෝලෙ ඉගැන්වීම් වලට අමතරව පැයකට රුපියල් හත් අටසියයක් විතර වියදම් කරලා අමතර පංති වලටත් යවනවා. ඒ හැම දෙයක් ම කරන්නේ දරුවන් කොහොම හරි විශ්ව විද්‍යාල වලට යවන්න තමයි පුතේ. ඔයා ලොකු කොලෙජ් එකකට ගිහින් ''ඒ'' ලෙවල් ඉහලින් ම පාස් වෙලත්, දැන් විශ්ව විද්‍යාලයට යන්න බැහැ කියන්නේ අර ගෑණිගෙ උපදෙස් නිසා තමයි. ඒ ගෑණි ඔයා කැම්පස් ගිහින් ලොකු රක්ෂාවක් කරනවාට කැමති නැහැ. තව තවත් ඉහළට ඉගෙන ගන්නවාටත් කැමති නැහැ. ඔයාගේ හිත ගන්න එක එක අහස් මාළිගා පෙන්වන්න ඇති. ඒත් පුතේ අපිට ජීවත් වෙන්න වෙන්නෙ මහ පොළොවේ අඩිය ගහලා විතරයි. අශ්වයෙකු වතුර වලකට අරන් යන්න පුලුවන්. ඒත් ඌට වතුර පො- වන්න බැහැ. ඌම බෙල්ල පහත් කරලා වතුර බොන්න ඕනෑ. මටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් තමයි. මමත් උඹව නොවිඳිනා දුක් විඳලා, විශ්වවිද්‍යාලය ලඟට අරන් ආවා. ඒත් දැන් එතෙන්ට යන්න බැරිලු. මේක උඹේ කරුමෙ නෙමේ පුතේ. මගේ කරුමේ.'