Product Code: EPA210
තම හිත සුව සඳහාම වැඩි නැඹුරුවක් පවත්නා අධ්‍යතන සමාජ සංස්ථාවෙහි ද අපේ අතීත උරුමයේ සංකේතයන් බඳු දිනූජ වැන්නෝ පහළ වෙති. ගෘහස්ථ බැදීමකින් තොර තම නිදහස-ස්වාධීනත්වය පමණක් ජීවිතයේ එක ම අරමුණ කර ගත් තරුණයකු වූ ඔහු සතු ව පවත්නේ සෞන්දර්යාත්මක විඥාහයකි: දයාවෙන් සෙනෙහසින් පිරි හදවතකි. ඔහු අල්පේච්ඡ ජීවිතයක් අගයයි. ලොකු මිනිසෙකු (වහලෙකු?) වීම නො රුස්සයි. ඔහු කීර්තිය. සිවිල් බලය දුරැලයි. එකඅතකින් ඔහු ඉඳුරන් පිනවීමෙන් සැප විඳින්නෙකු හා අපිස් ජීවිතයෙන් කෙලෙස් තවන්නකු වැනි දෙමගට ම නොපිසි අතරමැදියෙකු වැන්න, ඔහු ලලනාවන් ඇසුරු කරයි. ඔවුන් හා කතාබහින් ඔවුන්ගේ රූපයෙන් සංයත ආස්වාදයක් ලබයි. ඒ කාම රාගයෙන් බැහැර ව ස්ත්‍රිය ද සොබා දහමේ තවත් සොඳුරු නිමැවුමක් යන සාධකයේ පිහිටා මිත්‍රත්වයේ සීමා මායිම් තුළ ය. ඉන් ඔබ්බට අඩියක් පෙරට තැබීම නොරිස්සන ඔහුගේ ආධ්‍යාත්මයේ හැඩතල මැනගන්නා පළමු අවස්ථාවේ ම මිතුරියෝ ඔහු හැර යති; නැතිනම් ඔහු විසින් ම හැර දමනු ලබති... කෙළවර ඔහුගේ ජීවිතාපේක්‍ෂාවන්ට සරිලන සිගිති දියණියක් ද සිටින නැණ නුවණැති, රුවැති, කලණ මිතුරියක ඔහුට හමුවෙයි. සහෘදයාගේ හද සසල කොට ඔහුගේ දෘෂ්ටිමය හිම්වළලු පුළුල් කෙරෙන එම අපූරු මිත්‍රත්ව අන්දරය 'තුන්කුළු පවුරින්‍් කලාත්මක ව විවරණය වේ