මෙවන් කතාවක් ලිවිය යුතු යයි මා සිත උපත ලද්දේ මීට බොහෝ කලකට පෙරය. එහෙත් මාගේ උනන්දුව අඩුකම නිසාම එය දිනෙන් දින කල් යන්නට විය. යොවුන් සාහිත්‍යය තව තවත් පෝෂණය විය යුතු අවධියක අප මීට වඩා දිරිමත් විය යුතු යයි මම සිතුවෙමි. විදේශ රටවල නම් තරුණයන්ට කියවීමට තිඹෙන පොත් ප්‍රමාණය අධිකය. නමුත් අප රටේ තවමත් එවැනි කෘති එළිදැකීම මඳය. දරුවන් යහ මඟ යැවිය හැකි, ඔවුන්ට සමාජයේ යම් පාඩමක් ඉගෙන ගත හැකි කෘති බිහිකර අනාගත පරම්පරාව යුක්ති සහගත පුරවැසියන් කිරීමට හැකියාව ඇත්නම් කොපමණ වාසනාවක්ද?වසර කීපයකට ඉහත නවකතා කීපයක් ලියා ලේඛන කලාවට පිවිසි මා ලිවීම අතහැර දමා තිබුණේ නොයෙකුත් බාධක නිසාය. නොයෙකුත් හිතවතුන් මාගෙන් නිතර විමසුවේ නැවත ලියන්නේ නැද්ද අසමිනි. එය මට මහත් ධෛර්යයක් විය. මෙහි අඩුපාඩු දන්වා එවීමට කියවන ඔබ උනන්දු වන්නේ නම් එය මට මහත් ධෛර්යයකි. මෙහි දෙවන කොටස ඔබට ඉදිරිපත් කිරීමට හැකිවීම මාගේ භාග්‍යයක් කොට සලකමි