සූදුව හා බැඳී ගත් මුල් දිනවල සිට ම වැසි වසින බොහෝ කල ජානා දුටු එකම එක සිහිනයක් නම් ඇත. ඒ නම්, කාල වර්ණ තුරගෙකුගේ පිට උඩ නැග ගත් සියලු රාජකීය ආයිත්තමෙන් සැරසුණු හේරා නමැති මහා අධිරාජ්යා, සිය අසිපත හිස වටා කරකවමින් කුර ගැටෙන හඬ දසත පතුරුවන තරමට ම දූවිලි වලා නංවමින් ඈ කරා පිම්මේ එන ආකාරයයි. තව ද සුළං කපා යන වේගයට සරිලන පරිද්දෙන් හේරාගේ ද, ඔහුගේ තුරඟාගේ ද මස් ගොබ ඉහළ පහළ යන ආකාරය ද, ඉතා තද වූ වර්ණයන් කීපයකින් සැදුම් ලත් සිහිනය නමැති මායා චිත්රය ඇය වෙත දිස් වීමට සලස්වයි. අවසන ජානා ආසන්නයට ම පැමිණෙන එකී තුරඟා ඉදිරිගත් අහස දෙසට යොමා නංවන හේෂාරාව හඬින් ම ඈ නින්දෙන් ඇහැරවනු ලබයි.