"සිංහල ගද්‍යය සහ පද්‍යය අතර සමීප වුත් අන්‍යෙන්‍ය ප්රතිපෝෂණීය වූත් සමීපතාවක් විය. පැරණි මෙන් ම එතරම් පැරණි නොවන සාහිත්‍යයේ ද ජනශ්‍රැතියට නෑකම් කියන මේ අපූරු කතා පුවන් ද කවි ද හමු වේ. එබඳු කවි හා ඒ සම්බන්ධ කතා පුවත් එක්තැන් කරමින් රස මෙන් ම බස ද නුසුන් කොට කියන මේ අපූරු කවි කතා සරණිය සම්පාදනය කළෝ, පූජ්‍ය කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමියෝ ය. සිංහල සාහිත්‍ය සම්ප්රදායය මෙන් ම භාෂාව ද මැනැවින් හදාල ප්‍රවීන කිවිවරයාණ කෙනකු වු උන්වහන්සේ දිගුකලක් තිස්සේ නිර්මාණකරණයෙහි නියුතුව සිටිති. දඹදෙනි යුගයේ විසූ සුප්‍රකට සාහිත්‍යධරයින් වහන්සේ දෙනමක වු ධම්මසේන හිමියන් සහ බුද්ධපුත්ත හිමියන් අතර සිදු වී යැයි සැලකෙන පහත සඳහන් කවි දෙකත් ඊට කතු හිමියන් සපයන පරිකථාවත් මේ කෘතිය කෙබඳු දැයි හඳුනාගන්නට කදිම නිදසුනකි"