"පුතේ... පහනෙ තෙලුයි. තිරෙයි එක සමානව තියෙනකං දැල්වීම තියෙනවා. එතකොට ආලෝකය ලැඛෙනවා. ඒ වගේ... ජීවත් වෙනකොටත් දෙන්නා අතර ආදරයයි අවබෝධයයි තියෙන්න ඕන. එතකොට තමයි ජීව්ත එළිය වෙන්නේ. ඒ දෙකෙන් එකක් හරි අඩු වුණොත් වෙන්නෙ මොකක් ද කියලා ඔයා දන්නවනේ... හ්මි... ජීවිතේ තේරුං අරං ජීවත් වෙන්න..." අද උදෑසන ශනි රොහාන් හට වැන්ඳ මොහොතේ ඔහු පැවසුවේ එසේ ය. ශනි එය අනුහස් හා පැවසුවාය. '' හේම්... අපි ඒ විදියට ජීවත් වෙමු බබා. ආයෙත් අපිට කරදරයක් වෙන එකක් නෑ...” අනුහස් කීවේ ය. ආදරයට කළ හැකි දේවල් බොහෝමයි. ආදරයෙන් ලැබිය හැකි දේවල් ද බොහෝමයි. එහෙත්... කලාතුරකින් හමු වන දුර්ලභ ඝනයේ, සැබෑ පෙම්වතුන් පමණක් ආදරය වෙනුවෙන් නිවැරදි දේ කරයි