Product Code: EPA198
ඇතැම් විටෙක ඔබ අප පතන පැතුමන් උඩු සුළගේ පාවෙනව ඇත. තවත් විටෙක ඔබ ගේත්, මගේත් මතකයන් පවා බොඳවී ගිය අවස්ථා ඇත. මම හිතන්නේ එය සොබා දහමේ හැටි කියලයි.....
ඒත් කිසිම විටෙක ඒවායින් අපේ සිත අධෛර්යට පත් කර නොගත යුතුය කියලයි මම හිතන්නේ.....
ඇතැම් අවස්ථා වලදී ඔබේ දෙනෙතින් ඔබ නොදැනුවත්වම කඳුළු බිඳු පවා වැටුණ අවස්ථා ඇති.....,
අපේ ජීවිතය හරියට ගලන ගංගාවක් වගේ කියල මට හිතුන වාර අප්රමාණයි....... මොන තරම් බාධක මැද ද ගංගාව ඉදිරියට ගලා බසින්නේ.....,
අපේ ජීවිතත් ඒ ගලන ගංගාව වගේමයි..... මොනතරම් දුක කම්කටොලු, බාධක අතරින්ද ජීවිතය දවසින් දවස ගෙවී යන්නේ....
චාරුණි, සාරංගි සහ සමීර යන තිදෙනාගේම පාසැල් සමග අවසන් වෙන්නේ තිදෙනාගේම සිත්වලට පැමිණි වේදනාවක සමගයි.....
කෙසේ නමුත් සාරංගි සහ සමීර යන දෙදෙනාම ඔවුන් වෙත පැමිණි බාධක මැද, යායුතු නියම තැනට යාමට හැකි විය. එම නිසා අපි සැම විටකම අධෛර්යට පත් නොවී ධෛර්යෙයෙන් යුතුව සෑම දෙයකටම මුහුණ දිය යුතුය.