Product Code: EPA213
බටහිර ඉවුරේ අරාබි කාන්තාවක් ලෙස මෙය මගේ පළමු ජීවිතයයි. මේ ජීවිතය අවසන් වන්නේ වසර විස්සෙනි. ඒ වසර විස්ස තුළ ජීවත් වූ පුද්ගලයා මිය ගියෝය. දැන් ඇය නොමැත. නැවත එම පුද්ගලයා නොඑනු ඇත.
දෙවැනි පුද්ගලයා හෙවත් මා දෙවැනි වරට උපත ලැබුවේ යුරෝපයේදීය. 1970 වසරේ අගභාගයේදී ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් තුළදීය. පිළිස්සුණු මා ගිලන් ඇදක දමාගෙන ආරක්ෂා සහිත ව රැගෙන යන ගමන කෙරෙහි මගේ කිසිදු බලාපොරොත්තුවක් නොවී.