Product Code: EPA201
52 වැනි සිරකුටිය මගේ මනසට දර්ශනය වෙද්දි දෑසට කඳුළු ගලා එන්නේය. මම හාස්කම් දුටුවෙමි. තවත් හාස්කම් දකින්නට මට අවශ්‍ය ය. ඔබ මෙන්ම අනෙක් සෙවණැලි ඇද ගැහැ- නුන් නිදහස් වෙනවා දැකීම මගේ එකම පැතුමයි. මට ආරක්ෂිතව ඉරාකයට යන්නට ලැබුණ හොත් ඔබ සැවොම දකින්නට මම එන්නෙමි. නිදහස් වීමේ සතුට ගැන ඔබ සමඟ හවුල්ව භුක්ති විඳන්නට මම පැමිණෙන්නෙමි. අප නැවත එකතු වන බව මම හොඳින් දනිමි. අප සදහටම නිදහස් වන බව මම දනිමි. 52 කුටියේ සිටි සියල්ලන්ටම මා ආදරෙයි.