Product Code: BFM008
ගයනි ගුරුගේ විසින් පරිවර්තනය කරන ලද රුසියානු මහා ගත්කරු නිකොලායි නෝසොව්ගේ 'සතුටු පවුල් කෘතිය කුඩා දරුවන්ගේ භාෂා ආලය ද, පරිකල්පනය ද එකසේ වඩවන පොතක් බව කිව හැක.පරිවර්තනයේ දී ගයනි යොදාගෙන ඇති භාෂාමය රටාව ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි එකකි.මෙම පොත කුඩා දරුවන්ට පමණක් නොවේ දෙමාපියන්ට ද එකසේ කියවා රස විඳිය හැකි පොතකි. රටක සංස්කෘතිය තීරණය කරන ප්‍රධානතම අංගයකි. භාෂාව. නිවැරදි භාෂාවක් ව්‍යවහාර කරන්නෝ නිවැරදි චින්තනයක් දරන්නෝය. නූතන වෙළෙඳ පරිභෝජන ආර්ථික ක්‍රමයක් තුළ සිංහල භාෂාව ඉතා වේගයෙන් විද්‍යුත් නාලිකා සහ වෙනකුත් මුද්‍රිත මාධ්‍ය විසින් නාග මුඛයට ඇද දමමින් යනු දැකීම භාෂාවට ආදරය කරන්නන්ගේ ශෝකයට හේතු වේ. භාෂාව නැගිය යුත්තේ ළමා පරපුරෙනි. ඔවුන්ට යහපත් භාෂාවක් ලබා දීමෙන් පමණි නැසීගෙන යන සිහළ බස ගොඩගත හැක්කේ. ගයනි ගුරුගේ විසින් පරිවර්තනය කරන ලද මෙම 'සතුටු පවුල' කෘතිය කුඩා දරුවන්ගේ භාෂා ආශාව වඩන්නක් වේ.