Product Code: EPA177
ආදරය... වටින්නේ ආදරයට ය. එහෙත් මෙලොව බොහෝ පිරීමි ආදරය නොහඳුනති. ඔවුන් හඳුනන්නේ රාගය පමණි.
ආදරය නොකළ පිරිමියා එහි රසය නොදනි.
ආදරය... නමැති පඩිය නැඟ ගන්නට උත්සාහ ගනිද්දී පිරීමියා, රාගය නමැති පඩිය නඟින්නට යැයි බල කරන්නේ ය. ඔහුට ඇති ආදරය නිසා ඔහු රඳවා ගන්නට ඔහුට කීකරු වී රාගය නමැති පඩිය ද ඔහු සමඟ නඟින්නේ ය. ඉන් පසු ඔහු රඳවා ගත යුතු නිසා විවාහ වන්නට යෝජනා කළ විට අකැමැත්තෙන් වුව ද විවාහ වන්නේ ය. ඒ... තුන්වැනි පඩිය යි. ඉන් පසු ආදරය, රාගය, විවාහය කිසිවක් නැත. ඇත්තේ පිරිමියාගෙන් ලබන වධ හිංසාව පමණි.