Product Code: EPA176
කලාව වහල් වෙළඳාමක් කරගත් යුගයක, කලා කරුවන් ලෙසින් කර්මාන්ත කරුවන් වැජබෙන යුගයක, අසුභ දිනක ආ සුභ පැතුමක් සේ සුමනසිරි දසනායක නම් වූ අව්‍යාජ කලාකරුවා මට හමු වූයේ අහම්බෙනි. වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ කලාකරුවෙකු වන ඔහුගේ නිර්මාණ තුළ ඇත්තේ අරුත්බර නැවුම් සුවඳකි. සිංහල කමකි. ඔහුගේ භාෂා ශෛලිය නිරන්තරව ප්‍රේක්ෂකයා ඇද බැඳ ගන්නකි.
ඔහුගේ එක් නව කථාවක් වූ “මිහිතලය” තුළින් බිහිවූ සඳගිරි පව්ව ටෙලිනාට්‍ය දෙනෝදහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සම්මාන පිට සම්මාන හිමිකර ගැනීම ඒ සඳහා කදිම නිදසුනකි. ඔහුගේ “පිච්චමල සුවඳයි” ග්‍රන්තයද නවකථා ලෝකයේ තවත් පෙරලියක් කිරීමට සමත් වූ දැවැන්ත නිර්මාණයක් බව හදවතට එකඟවම කිව හැකිය. සත්පුරමානය නම් වූ ඔහුගේ නවතම නිර්මාණයද නව කථා ලොවෙහි නිම් වළලු පුළුල් කරමින් ප්‍රේක්ෂක හදවත්හි මුල් බැසගන්නා බව සක්සුදක් සේ පැහැදිලිය. එය වර්තමානයෙහි කලා නිර්මාණ ලෙසින් බිහිවන සමහර අරුත් සුන් නිර්මාණයන්ට අභියෝගයක් වනු නිසැකය.