අතීතය කරා සක්මන් කළ යුතු ම ය.. ඒ සංසාරික සක්මන් හි තිඹිරිගෙය අතීතය ම වන බැවිනි. එකල හිත පෙලූ දුක නැති කරන්නට මම වදන් ඇඟිළුවෙමි.. හඬන්නට සිතුණු විට මම ලිව්වෙමි.. සැබෑවට ම ආත්මගත ආදරයක් ගැන මම හීන මැව්වෙමි. මරණින් මතුත් යාවත්කාලීන වන ආත්ම බද්ධ ප්‍රේමයක් සම්බන්ධයෙන් ලියන්නට මට ඕනෑ විය. අවසන, හදිසියේ සංසාර සක්මන් හි භවනි. මා ඉදිරියේ පෙනී සිටියේ දුකින් හිනැහෙමිනි.. මතුපිටින් වචන ඇඟිලූ කළ විරහවක් වුවත් සියලු සුන්දර දේ සුන්දර නැති බවත්, සියලු අසුන්දර දේ අසුන්දර නැති බවත් භවනි ඔබට කියනු ඇත. සැබවින් ම ආදරය දැනෙනුයේ සංසාරිකව මය. මට කිවයුතු වුයේ ඒ ටිකය.. එහි දී, සංසාරික ව මා ළඟ හිද මට අත්වැල් සැපයූ අය ආයේ හමු විය. මගේ ම සහෝදර දෙපළ ඉරේෂ් මුදලිගේ, දිශාන් මුදලිගේ එහිලා විශේෂයෙන් මතක් කළ යුතු මය