Product Code: EPA241
ප්‍රේම සම්බන්ධයක් ! ඒක එහෙම නම් අපි මීට කලින් ඒ ගැන අහලා තියෙන්න ඕන නේද? සෝලෝ රහස් රකින කෙනෙක් නම් අපට ඒක දැනගන්න ලැබෙන්නේ නැනේ. එයා ඒක කාටවත් නොකිව්වා වෙන්න ඇති. අනික හැම වයසකම අය ආදරෙන් බැඳෙනවා. ඵලන් මේ ගැන මොනව කියයි ද දන්නේ නෑ."
ඔවුහු බේකරිය පසු කරමින් සිටිති.
විවිධ රසවත් කෑම වලින් වීදුරුව සැරසී තිබේ. "බලන්නකෝ අරවා. අපි මොනවහරි රෑට කන්න අරගෙන යමු."
" ඔව් ඒවා රස පාටයි."
ඔවුහු බේකරියෙන් කෑම අරගෙන පාර පනින්නට සුදානම් වූහ. නීනාට විශාල ශබ්දයක් ළඟ ළඟ ඇසේ. ඇය හැරී ඒ දෙස බැලුවාය. විශාල මෝටර් සයිකලයක් හිතාගත නොහැකි තරම් වේගයෙන් ඔවුන් දෙසට එමින් තිබේ. එය වේගයෙන් එන්නේ ඔවුන් දෙදෙනා යට කර යන්නට ය.