Product Code: EPA234
සඳලතාට දුවක් ” මගේ නවකතාවේ කියවෙන්නේ එම තිදෙනාගේම එකිනෙකාට බැඳී තිබුණ ප්‍රේමයත්, කරුණාවත්, දයාවත් ගැනය. තරුණියක හා තරුණයෙකු අතර ඇති ප්‍රේමයක් මෙහිදී උද්දීපනය නොවේ. ප්‍රේමය යනු ආදරයයි. හිතවත් බවයි. සඳලතාත් ජයදේවත් අමරාවතී දුවට ප්‍රේමය දක්වයි. ආදරය, කරුණාව දක්වයි. ඇයද එසේම ඔවුන් දෙදෙනාට ආදරය දක්වන්නේ අවංකවමය. ඇය ඇගේ යථා තත්ත්වය දන්නීය. ඇයට වත්පොහොසත්කමක් ඇති මව්පියන් හෝ නෑදෑයන් හෝ නැත. අමරාවතීට ඇගේ දෙමාපියන්ගේ ආදරය කරුණාව නොලැබුණේ ඊට වඩා කාර්යයක් ඔවුන්ට ද තිබුණු නිසාය. පළමුව ජීවත් විය යුතුය.