විශ්රාම සුවයේ විවේකය, සතුට සැනසීම භුක්ති විඳිමින් කුඩා, ලිපි කවි පන්ති යනාදිය පුවත්පත් වෙත ලියමින් සිටි මා වසර 2012 දී මගේ ජිවිත අත් දැකීම් යාකර ගනිමින් රචනා කරන්නට යෙදුනු ඇතුගලින් නිල්වලාවට ' පොත ලියා නිම වෙද්දීම මට විවිධ කම්කටොලු, බාධක ඇතිවන්නට විය. ඒ බව දමා ඒ පොතෙහිම සුළු වශයෙන් සටහන් තැබීමට ද අමතක කළේ නැත. මගේ එකම සොහොයුරා ඩී. එම්. පියසේනයන් හදිසි අනතුරකට ලක්වීමෙන් ජීවිතය පරදුවට තබා හිසෙහි සැත්කමක් කිරීමට සිදුවීම මේ කරදර වලට මූලික හේතු කාරණා විය