Product Code: EPA197
අපේ යටි සිත තුළ කාලයක් පුරාවට තැන්පත් වෙලා තියෙන සිද්ධි සමුදායන් විටින් විට අපේ මතකය තුළට එනවා. ඒවා අපේ මතකයට ආවාම, ඇතැම් දේවල් නිසා අපේ සිතට දරා ගන්න බැරි වේදනාවන් පවා ඇති වෙනවා. එය ස්වභාවිකයි. දරාගත නොහැකි වේදනාවෙන් පැමිණියාම බොහෝ වේලාවක් ගෙවිලා යන තුරුත් ඒ වේදනාව අපේ සිත් දැහැනෙන් ඉවත් වෙලා යන්නේ නැහැ. ඒ වගේම තමයි ඇතැම් දේවල් අපේ සිත කරා පැමිණි යාම සිතේ සතුට දෝරේ ගලාගෙන යනවා වගේ නොදැනෙනවා නෙව්. එවිට අපට සිතෙන්නේ සැමදාම, සෑම වෙලාවේම අපේ සිත ඒ අයුරින් තියෙනවා නම් කොච්චර හොඳද කියලයි.
අපේ සිත නම් මහ පුදුම එකක්. දුක, වේදනාව මතකයට ආවාම සෑහෙන වේලාවක් ගෙලා යනතුරු එය සිත තුළ තෙරපෙනවා. නමුත් සතුටක් ආවම නම් එය ඉතාම කෙටි කාලයකින් අපේ සිතෙන් මැකිලා යනවා. ඒවාගේම තමයි අපි සිතින් හඬපු අවස්ථා නම් අනන්තවත් ඇති. ඒ සිතින් සිනාසුණ අවස්ථා නම් අල්පයි. දුක වේදනාව වාගේම සොම්නස සතුටත්,අපේ සිතට අලුත් දෙයක් නෙවි. හිතට නම් ඒ සෑම දෙයක්ම හුරු පුරුදුයි.
ආදරය නිසා ආදරයට කඳුළු හෙලපු අය වාගේම ආදරය නිසා ලස්සනට සිනාසුන අයත් ලෝකය පුරාම නැත්තෙම නොවේ......කෙනෙක් කියාවේ,හිතාවේ, ආදරය නිසා ආදරයට දිවිව්පිදූ අයත් ඕනතරම් සිටිනවා කියලා..... නැහැ ඒ ආදරය නිසා ආදරයට දිවිපිදු අය නෙවේ. ඒ ආදරය කියන්නේ වටහා නොගත් අය කිව්වොත් නිවැරදියි. ආදරය කියන්නේ තම ජීවිත කාලය පුරාවටම නිබඳවම ආරක්ෂා කර ගෙන රැකබලා ගත යුතු දෙයක්. කිව්වොත් නිවැරදියි. අප ජීවිත කාලය පුරාවටම ආදරය අත්‍යවශ්‍යම දෙයක්......පියුමි, ශාන්තිනී සහ සජිත් එය හොඳින් වටහාගත් තිදෙනෙක්....