Product Code: EPA178
ඉතිහාසය යනු පිපාසාව අවුලන විෂයකි. තතුවක් ලද විට ඊට වඩා බරපතළ තොරතුරක් සොයා ගැනීමට ඉතිහාස රසය බල කරයි. ඒ මේ විෂයේ හැටියය. ඒ අනුව සිංහලයන්ගේ ගණන කොයිතරම් දැයි එළි පිට කථා නොකර සඟවා තබා ගත්තේ යුද රහසක් නිසා විය හැකිය. රටේ ඇති ගම් වැව් විහාර පන්සල් විතරක් නොව තොටුපළ ගණනත් සැතපුම් ගණනත් ඒ වගේම මැණික් ගබඩා ගණනත් ලියා තැබූ ජාතියක් ජනගහනය ක්නොලියා තැබුවේ රහසක් රකින්න බව මගේ හැඟීමය. මේ විදියට කුහුලත්, කුහුල තුළින් ඇල්ම, ආශාවත් උපදී. ඒ ඔස්සේ අනුමානයත්, ඒ අනුමානයට තතු විත්ති ජන අන්දර හා ප්රවාද පුරාවිදු දත්ත ද එකට පෑහී ඉතිහාස පිපාසාව පරියේෂණයක් වන්නේය. එමඟින් ජීවිතය, අතීතය එකවැසිව සමවැසි කරමින් භාව බන්ධනගත වේ. ඉතින් එවිට එකී පරියේෂණ පරිකල්පනයන්ට සියලු භාව පැති මාන එකතැන් වූ විට විෂය රසාලිප්ත ය. භාව හැඟීම් සමඟ ස්වකීය. ජාතියේද තම ජාන ආධ්යාත්මයටද කිමිදීම බවට ඉතිහාසය නම් විෂය පත්වන්නේ එලෙසය.