අපගේ නූතන නවකතා විෂය ක්ෂේත්රයේ ප්‍රයෝගිකත්වය වෙත නෙත යොමන විට මට නිතැතින්ම සිහිපත් වන්නේ ලංකාවේ දේශපාලන ක්ෂේත්රයයි. කාලයකට එහි රැල්ල එක් පක්ෂයකට එක දිගටම හමාගෙන යන්නේය. එයට විවිධ හේතු තිබේ. ඒ ගැන මා මීට වඩා කැපවීමට සූදානම් නැත. ලංකාවේ නූතන නවකතාව ද ගලා යන්නේ එවැනි අවිචාරවත් මඟක යැයි මට සිතේ. සම්මාන මෙන්ම මාධ්‍ය ක්ෂේත්රය ද දිවයන්නේ පෙර මා කී පරිද්දෙනි. සමහර විද්වතුන් නවකතා සම්බන්ධ විවේචනයන් පුවත්පත් වල පළ කර තිබෙනු මම දැක ඇත්තෙමි. ඒ සියල්ලම සීමා වන්නේ ලේඛකයන් සුළුතරයකටය. නවක ලේඛකයින්ගේ නිර්මාණයන් ගැන කිසිදු හැලහොල්මනක් නොමැත. පුවත්පත්වලට ඒවා ගැන ලියූවද, පළවන්නේ ද නැත. විදග්ධයින්ගේ විමර්ශන දෙනෙක් ඒ වෙත යොමු කර ඔවුන් යහමඟ යොමු කිරීමක් ද, සිදු වන්නේ නැත