මෙම කව මවිසින් පබැන්දක් නොව, මට පබැඳුණෙකි. සමහර සාහිත්‍ය කෘතියක් ලියැවෙන්නේ කයෙනි. සමහර සාහිත්‍ය කෘතියක් ලියැවෙන්නේ මනසිනි. මනසින් ලියැවෙන කෘති අකාලිකය. කයෙන් ලියැවෙන කෘති තාවකාලිකය. මෙම කෘතිය ඔබ අතට ගෙන බිම තබන්නේ කියවා හමාර කිරීමෙන් පසුව බව මම දනිමි. ඒ මගේ පුරසාරමක් නොව මෙහි අන්තර්ගත සන්දර්භයේ ඇති ශෝචනීයත්වයේ බලයයි