Product Code: EPA186
ගිනි කන්දක් වගේ දැවෙන ප්රශ්න වලින් හිත පුරවාගෙන අමාරුවෙන් ජීවිත ඇදගෙන ගිහින් මිනිස්සු ඉන්නේ හෙම්බත් වෙලා, ඒ හින්දා වෙන්වීම ගැන දුකෙන් හිතන්න හිතට ඉඩ දෙන්න එපා පොඩි දුව. "
''ඒ ගිනිකන්දේ දැවි දැවී හරි පවුල් ජීවිතය රැක ගත්තොත් විතරයි අම්මේ....... ගෑණියෙකුගේ වටිනාකමක් තියෙන්නේ. නැත්නම් සමාජයේ මොනතරම් ඉහළ තළයක වැජඹුනත් ගෑණියෙකුට දික්කසාදයත් එක්ක අත මිට මොළවන අවමානයෙන් බේරිලා ජීවත්වෙන එක හරි අමාරුයි’’
'' ඒ වටිනාකම රඳවා ගන්න ඔයාට උත්සහා කරන්න තිබුණේ මීට අවුරුදු ගාණකට ඉස්සරයි දරුවෝ.......’