Product Code: EPA215
සමාජ සංස්ථාවෙහි විවිධ පැතිකඩ කලාත්මකව ස්පර්ශ කෙරෙන කතා හතකින් යුත් කෙටිකතා සමුච්චයකි 'පරතරය'. ඒවායින් මිනිසත් බවට පොදු ආදරය, කරුණාව, දයාව, උපේක්ෂාව, සතුට, දුක, දොම්නස, ස්වාර්ථ සාධනය, සට - කපටකම් වැනි ගති ලක්ෂණ විශද වෙයි. පොදු ජනයා මෙන් ම රාජ්‍ය පාලකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් වැනි සමාජ පිරමීඩයේ ඉහළ ස්තරවල වැජඹෙන පාත්‍රයන්ගේ භූමිකා ද එමගින් නිරූපිතය. එම අජීවී පදචිත්ර සහෘදයාගේ හදවත හා බුද්ධිය පුබුදුවා ඔහුගේ ප්‍රති - පරිකල්පනයෙන් ජීවය ලබයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ තනතුරු දරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධරයෙකු වූ සිරි සේනානායක සම්මානලාභී ලේඛකයෙක් ද වෙයි. ඔහුගේ රාජකාරීමය හා සමාජීය - ජීවන කුශලතා ද මෙම කෙටිකතා විචිත්‍රවත් කර ඒවායේ සාහිත්යික අගය ඉහළ නංවා ඇත.