වර්ෂ 1965 ජුලි 16 වෙනි දින "ජන දින" දිනපතා පත්රයෙන් ආරම්භ කළ මියුලන් පෙරේරාගේ පුවත්පත් කලාවේදී ජීවිතයට මේ වන විට හතළිස් හය වසරකි. මෙම කාලයෙන් අවුරුදු 25ක් ම සේවය කර ඇත්තේ විකල්ප පුවත්පත්වලය. ජන දින, සිරිලක, යළි ජනදින, දිනකර සහ ඇස යන ප්රවෘත්ති පත්ර ඒ අතර විය. ඔහු ලංකාදීප පත්රයට සම්බන්ධ වූයේ 1991 නොවැම්බර් 3 වැනිදාය. ලක්බිම පත්රයට එක්වූයේ 2000 මාර්තු 2 වැනිදාය. ප්රවීණ මාධ්යාවේදී මියුලන් පෙරේරාගේ මතකසටහන්වලට ඇතුළත් වනුයේ එම පුවත්පත්වල සේවය කිරීමේදී ලැබූ අත්දැකීම් පමණි