නිමා කර ගිම්හාන දිවි කතරේ මධාරා සුවඳක්ව ළඟ තැවරේ ... දිවි තලාවම වර්ණවත් කළ සුපුෂ්පිත පුෂ්පයකි ඔබ මට පමා වී ආ වසන්තේ...මංමුලාවූ අඳුරු දිවි කතරේ ඔබයි දිවියට මඟ එළිය දුන්නේ බැඳීමෙන් නොව සෙනෙහෙ සිත පිරුණේ සෙනෙහසයි බැඳුමකට මුල පිරුවේ...කොතෙක් උන්නත් සුවහසක් අතරේ ඔබම පමණකි සැබෑ පෙම දිනුවේ ලේඋරුමයට නොවෙයි හද සැලුනේ හද සැලුනු හේතුවෙනි ළං වුයේ..