නවකතාව යුගයේ සමාජ යථාර්ථය විවරණය කෙරෙන අරමුණක් මතවාදයක් එළි දැක්වෙන, රචනයක් විය යුතු බවට හා එය ආර්ථික සමාජ, දේශපාලන, සංස්කෘතික, ආගමික හා ඒ වැනි විෂය ක්‍ෂේත්‍රයන්ගේ හුදු ප්‍රකාශනයක් නොව (ඒ සඳහා වෙනත් යෝග්‍ය පාර්ශවයන් ප්‍රාමාණිකයින් සිටින හෙයින්) එය පුද්ගලත්වය පිළිබද විශිෂ්ට විමසීමක් විය යුතු බවට වශයෙන් ප්‍රකට සම්ප්‍රදායන් දෙකක් ද පවතී. (අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙහි ද අඩු වැඩි වශයෙන් මෙම ගති ලක්ෂණ විද්‍යමාන වෙයි.) එකාකාරී ස්වභාවයේ නිර්මාණයන්ගෙන් හෙම්බත් වූ සහෘදයාගේ රසඥතාවයේ දෘෂ්ටිමය නිම් වළලු පුළුල් කෙරෙන පුද්ගලත්වයෙහි ගූඪ අහුමුළු ගවේෂණයට මා දැරූ ප්‍රයත්නයකි මෙම නොතනි' ගද්‍ය ආඛ්‍යානය. එමගින් කාලීන සමාජ සංස්ථාවේ පැවැත්ම විසින් හුදකලා කරනු ලබන පුද්ගලයා ඉන් මිදීම සඳහා ප්ලේටෝනියානු' විකල්ප මගකින් සිය ගමනාන්තයට - අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට එළඹෙන අයුරු චිත්‍රණය වෙයි. එහෙයින් එය සහෘදයාට නැවුම් අත්දැකීමක් ලබා ගැනීමට ඉඩහසර සලසනවා පමණක් නොව ඔහුට තමා තුළම වහං වුණු චර්යාවන් නව මානයකින් නැවත කියවීමකට ද මංපාදා දෙයි. මේ සඳහා නූතන ස්වරූපයේ නිදහස් ආඛ්‍යාන ශෛලියක් වෙනුවට මට හුරු, සහෘද මනස ද නොවෙහෙසෙන සම්ප්‍රදායී සරල ආඛ්‍යාන රීතිය ම මැනැවැයි මම නිගමනය කෙළෙමි