Product Code: BFM005
කලකින් ඇසුණෙ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නෙ කන් පොරවාගෙන. ඒ හඩේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලි හිමින් සැරේ කාමරේ ජනේලෙ ඇරීය. හඳ එළිය වැටිල මිදුලෙ රට ඇඳල ගස්වල සෙවනැලිවලින්. රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනව. හෙමින් ගස්වැල් හෙලවෙන්නෙ හරියට මහා දුකකින් වගේ. හෝරා බාගයක් විතර වස්දඬු රාවෙ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරීල ඒ කඳුළු බේරුණ කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක් ද මොකද්- කියාගන්න බැරි දුකකින් රත්නාවලිගෙ හිත බරවෙලා