මාවිල් අආරු සොරොව්ව වසා දමමින් කොටින් ඇරඹූ සිව්වන ඊළාම් යුද්ධය එය කොටින්ගේ අවසානය කරා වූ පාරාවළල්ලක් වේ යැයි ප්රභාකරන් කිසි දිනක නොසිතන්නට ඇත. නැඟෙනහිරින් කොටින්ගේ අවසානය ආරම්භ කරමින් කොටි ත්රස්තවාදීන්ගේ එම සිහින ඊළම නැඟෙනහිර පළාත නිදහස් කර ගැනීමට යුද හමුදාව හා පොලිස් විශේෂකාර්යය බළකායට ගත වූයේ වර්ෂයකට අඩු කාලයකි.එසේ දශක තුනක කුරීරු යුද්ධය නිමා කිරීම සඳහා ඊට දායකත්වය දුන් දේශපාලන, හමුදාමය, පොලිසිය සහ බුද්ධි අංශවලින් වූ දායකත්වය චිත්රයකට නගමින් කර්තෘවරයා තමාගේ දක්ෂතාවය පිළිඹිබු කරනවාත් සමගම තමන්ගේ රට වෙනුවෙන් කළ හැකි විශිෂ්ට සේවාවක් මෙම ග්රන්ථය තුළින් බිහි කිරීමට සමත් වී ඇති බව මගේ මතයයි.