මොනාලිසා කියන කතාව” යන මෙම කෘතියෙහි ඇතුළත් වනුයේ වරින් වර මම පුවත් පත්වලට සැපයූ ලිපියයි. ඇත්තෙන්ම මධු සමය ඉකිබිඳියි * යන ලිපියට තේමා වන පුවත මගේ මිතුරෙකු පැවසූ මීගමුවේ පෙදෙසෙහි සිදු වූ පුවතකි. එමෙන්ම "මහ රෑ හමුවූ ඩයනා කුමරිය” ද මගේ මිතුරෙකුට සිදුවී ඇති සත්‍ය සිදුවීමකි. මෙහි එන ඇතැම් ලිපි ද පාඨකයනට දැනුම ගෙන දෙන ප්‍රයෝජනවත්, ලොව නොයෙකුත් සුප්‍රකට දේ පිළිබඳ තොරතුරුය. මේවා පුවත්පත්වල පල කළ ජනතා කර්තෘ මණ්ඩලයේ සේවය කළ එඩ්මන්ඩ් පෙරේරා මහතාටත්, රුක්මණී ජගත්චන්ද්‍ර මහත්මියටත් මාගේ පැසසුම හිමිවේ. මගේ ලේඛන කටයුතු වලදී මා සමඟ සිටින මා මිත්‍ර දිනමිණ කතු මඬුල්ලේ සුනිත් රුද්‍රිගු මහතා මට මෙහිදී අමතක කළ නොහැකිය