" මන්දාරා " නිර්මාණය වීම ඇරඹුණේ වර්ෂ 2009 දීය. විවිධ හේතුන් නිසා එය අවසන් වීමට වසර තුනක් ගත විය. "මන්දාරා " හි කතා තේමාවට පාදක වූයේ සත්‍ය සිදුවීමකි. එහි විවිධ සිදුවීම් මාත්, මගේ මිතුරු මිතුරියනුත් ලැබූ අත්දැකීම් වල ප්රතිනිර්මාණයකැයි කීම නිවරදිය. "මන්දාරා" හි ඔබට හමුවන චරිත වන නේත්‍රා, කල්ප, සුදේශ්, මනුෂ ගොඩ නැගෙන්නේ මගේ විවිධ මිතුරු, මිතුරියන්ගේ චරිත ස්වභාවයන්ගෙන් ය. මෙම චරිත රුවනි, ළිහිණි, රුචිල, මිලින්ද, සුරංග යන මගේ සහෝදර, මිතුරු මිතුරියන්ගේ විවිධ චරිත ස්වභාවයන්ගේ සංකලනයකි