වත්මන් සමාජය සාර ධර්ම පිරිහුණු තැනක් ලෙස බොහෝ දෙනා මැසිවිලි නගති. එමෙන් ම රටේ ජීවනාලිය බඳු තරුණ කැල, අධ්‍යාත්මික ගුණ වගාවෙන් පෙහෝසත් පරපුරක් වනු දැක්ම සෑම වැඩිහිටියෙකුගේ ම පැතුමයි. කටු කොහොලින් පිරුණු දිවියේ, පෙනෙන දුරකට වඩා දුර දකින විචාරශීලී, බුද්ධිමත් තරුණ කැලකට ඇවැසි මූලික පදනම, අමිල දර්ශනයක් වූ බුදු දහමින් පෙහොසත් අප රට සතුය. මහා කාරුණික, අමා මෑණි බුදු රදුන් වදාළ ''බහු ජන හිතාය'', ''බහු ජන සුඛාය'', ''ලෝකානුකම්පාය'' යන උතුම් වදන් තරම් ජනහිතකාමී වචන මිනිස් ඉතිහාසයේ දී අන් කවරකුගේ හෝ මුවින් පිටව නැත