මා විසින් ලියා ඇති නොයෙකුත් කෘතිවලට වඩා වෙනස් ආරක් ගත් මෙම කෘතියේ භාෂා භාවිතය ද නව ආරකින් ප්‍රයෝජනයට ගත්තෙමි. මෙම කථාවේ ගලා යාමට එම භාෂා භාවිතය උපයෝගී වූවා යැයි සිතමි. සමාජය රොබෝවරුන් මෙන් හැසිරෙන මෙවන් කාලයක සාරධර්ම පිරිහීම ගැන අලුතින් පවසන්නට යමක් ඉතිරි වන්නේ නැත. එහි ප්‍රතිඵල අපි සැමදාමත් භුක්ති විඳිමින් සිටිමු. යහපත් සමාජයක් ඇතිකිරීම සඳහා මිනිසුන්ගේ සිත සමනය කළ යුතුය. එය සාහිත්‍යයෙන් කවදත් සිදු වූ අතර අද වන විට වේදිකා නාට්‍ය හා චිත්‍රපට යන කලාවන් සමාජය විසින් යළිත් වැළඳගනු පෙනෙයි. සාහිත්‍ය වෙත ද ජනතාව පෙරට වඩා ළංවනු ඇතැයි විශ්වාසය පළ කරමි