Product Code: EPA232
මල්මද බිසෝලා දසක හයකට පමණ පෙර දකුණේ ගමානයකට ඔබව රැගෙන යයි. නිවහල් දිවි පෙවෙතකට උරුමකම් කියන ගැහැනු කිහිප දෙනෙක්ම එහිදී ඔබට හමුවෙයි. පවුල් සංස්ථාව රැකගැනීමට ඔවුන් එකිනෙකා දරණ විවිධ ආකල්ප තුළින් ඔවුන්ගේ ජීවිතවල විවිධ පැතිකඩවල් අපට හමුවෙයි. රංසොනෝනා, බිසෝමැණිකා, බසියා, කුසුමලතා, පියවතී, පුංචිහාමි යන චරිත අදත් අප සමාජයේ ජීවත් වෙයි. එදා මෙදා තුර ගැහැනුන් පිට පැටවුණු පවුල් සංස්ථාවේ බර අදත් හෑල්ලු වී නැත. මල්මද බිසෝලා කියන්නේ ඒ කතාවයි.