"සමාජය පුරා දිනෙන් දින අපරාධ ක්‍රියා ඉහළ යමින් තිබේ. අපරාධ විද්‍යාව පිළිබඳව විද්වතුන් මෙන්ම සමාජ විද්‍යා ක්ෂේත්රයේ බොහෝ අය මෙම අපරාධ සමාජය පුරා ඉහළ යන්නේ කවර හේතුවක් නිසා ද යන්න පර්යේෂණ වල නියැළි සිටි. විවිධ විද්වතුන් විවිධ වූ අපරාධ විද්‍යාත්මක න්‍යායයන් ඔස්සේ පර්යේෂණ කරමින් තම නිගමනයන් ලබා දේ. ඒ අනුව අපරාධ ඇති වීමට විවිධ හේතු සාධක බලපානු ලබන බව තහවුරු වේ. ශ්‍රි ලංකාවේ අපරාධ ක්‍රියා ඉහළ යාම දෙස බලන විට ද විවිධ හේතු සාධක ඇති බව පෙනී යයි. ඒ අතරින් ලාංකීය සමාජයේ අපරාධ ක්‍රියා දිනෙන් දින වර්ධනය වීමට ප්‍රධාන හා වැඩි වශයෙන් හේතු වන්නේ පුද්ගල සමාජානුයෝජන ක්‍රියාවලියේ දුර්වලතාවය බව පෙනී යන කරුණකි. ඒ පිළිබඳව සනාථ කරගැනීම සඳහා වූ පර්යේෂණයක ප්‍රතිඵල වශයෙන් මෙම ළමාවිය වැරදි සමාජානුයෝජනයෙන් බිහි වු අපරාධකරුවෝ '' කෘතිය ඉවහල් වේ. මෙම ග්‍රන්ථය පෙර පාසල්, පාසල් ගුරුවරුන් මෙන් ම, මවුපියන් ද පරිශීලනය කර දැනුම් ලබාගැනීම වැරදි සමාජානුයෝජනයෙන් ළමයින් බේරාගෙන සමාජයට අනාගතයේ බිහි විය හැකි අපරාධකාරී චරිත අවම කර ගැනීමට පිටුවහලක් වේ. ඒ සමස්ථ සමාජයේ අපරාධකාරී චර්යා අවම කරගැනීමට ද හේතු වේ"